පිලිපීන විවෘත මළල ක්රීඩා තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් පළමු රන් පදක්කම දිනා ගැනීමට දුර පැනීමේ ක්රීඩක අමිල ජයසිරි සමත් වුණා.
එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 7 යි දශම අටයි තුනක්.
තුම්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් සංජය ජයසිංහ, උස පැනීමේ ක්රීඩක මංජුල කුමාර හා මීටර් අටසියය ඉසව්ව සඳහා නිමාලි ලියනාරච්චි යන ක්රීඩක ක්රීඩිකාවන් ද පිලිපීන විවෘත මළල ක්රීඩා තරගාවලියට එක්ව සිටිනවා.