Saturday, September 21, 2024

General line - 0115112241

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට බුද්ධි අංශ මේජර්වරයෙකු රිමාන්ඞ්




මාධ්‍යවේදි කිත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ ඇප මත නිදහස් කළ යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

ඒ, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි. 

2009 වසරේ ජනවාරී මස 23 වනදා ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේ දී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී අද කැඳවනු ලැබුවා. 

එහිදී ගම්පහ අතිරේක මහේස්ත‍්‍රාත් ලලිත් කන්නන්ගර නියෝග කළේ අදාළ බුද්ධි අංශ මේජර්වරයා අපේ‍්‍රල් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. 

මෙම බුද්ධි අංශ මේජර්වරයා මාධ්‍යවේදී කිත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන්ද චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව පසුවූ අතර ඔහු ඇප මත නිදහස් කිරීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.