Saturday, September 21, 2024

General line - 0115112241

ඝාතන චෝදනාවකට අත්අඩංගුවට ගත් දෙදෙනෙකුට නිදහස




ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස්පති සහන මැදිරියට ඉදිරිපත් කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු නිදහස් කර තිබෙනවා. 

ඒ, බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් ඩබ්ලිව් එම් පී ගුණසේකරගේ නියෝගයකට අනුවයි. 

20 හැවිරිදි තරුණයෙකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානය විසින් සැකකරුවන් දෙදෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ සම්බන්ධයෙන් පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ලක් ලැබුණු අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්නගේ උපදෙස් මත එය විභාග කෙරුණා. 

එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ ඝාතනයට අත්අඩංගුවට ගත් දෙදෙනාගේ සම්බන්ධයක් නොමැති බවයි. 

කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක‍්‍රියාත්මක වනවා.