Saturday, September 21, 2024

General line - 0115112241

තනාපතිකම් කරන්න නවසීලන්තයට යන්න හදන “නන්දි“ ට බාධා




රාජ තාන්ත‍්‍රික සබඳතා තහවුරුකර ගැනීම සඳහා ‘‘නන්දි’’ නැමැති අලි පැටවා නවසීලන්තයට තෑග්ගක් වශයෙන් යැවීමට අදාල කිසිදු පියවරක් ලබන මැයි විසි හය වැනිදා තෙක් නොගන්නා බවට නීතිපතිවරයා අද අභියාචනාධිකරණයේ දී එකඟතාව පළ කළා. ඒ පස් හැවිරිදි මෙම අලි පැටවා නවසීලන්තයේ  ඕක්ලන්ඞ් සත්ත්ව උද්‍යානයට ලබා දීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ධර්මවිජය පදනම ඇතුළු පාර්ශව 18 ක් එක්වයි. නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා පසුගිය වසරේ මුල්භාගයේ මෙරට පැමිණි අවස්ථාවේ මෙම අලි පැටවා නවසීලන්තයට යැවීමට දෙරටේ බළධාරීන් එකඟවී ඇති බව පෙත්සමේ දක්වා තිබෙනවා.