Saturday, September 21, 2024

General line - 0115112241

ස්වෝත්සාහයෙන් නැගී සිටිමු - තිරසර ලංකා ජාතික මංගල්‍යයේ සමාරම්භක උත්සවයේදී ජනපති කියයි




විවේචන නොතකමින් ජාතියේ අනාගතය සඳහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීමට සියලූ දෙනා එක් විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද (31) පෙරවරුවේ පැවති තිරසර ලංකා ජාතික මංගල්‍යයේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. සංවර්ධනයේ මූලික පදනම ස්වෝත්සාහයෙන් නැගි සිටීම බවයි ජනාධිපතිවරයා මෙහදී වැඩිදුරටත් පෙනිවා දුන්නේ.

එහිදී වැඩිදරටක් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ පසුගිය කාල සීමාවේ පැවති නියඟය හේතුවෙන් මෙම වසරේ කෘෂි ක්ෂේත‍්‍රයේ ඇති වූ පසුබෑම යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉදිරියේදි හැකි වනු ඇති බවයි.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ, අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, රවී කරුණානායක, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, දයා ගමගේ, සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්ධීකාකරක සහ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය, උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

‘‘වස විස නැති රටක්‘‘ තුන් අවුරුදු ජාතික සැළැස්මට සමගාමිව සංවිධාන කෙරුණු  ‘‘තිරසර ලංකා‘‘ ජාතික මංගල්‍යය අද සිට අපේ‍්‍රල් මස 04 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.