Friday, May 3, 2024

General line - 0115112241

අලුත් අවුරුද්දට කලින් රටපුරා වෛද්‍ය වර්ජනයක් !




අපේ‍්‍රල් මස පළමු සතියේ දී දිවයින පුරා වෛද්‍ය වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක වීමේ තත්ත්වයක් නිර්මාණයවී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටළුව විසදීමට බළධාරීන් අපොහොසත් වීම මීට හේතු වී ඇති බවයි. 


ලබන සඳුදා රැස් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණාත්මක තීන්දුවකට එළඹෙනු ඇති බව ද වෛද්‍ය හරිත අලූත්ගේ වැඩිදුරටත් සඳහන් කළා.