Friday, May 3, 2024

General line - 0115112241

වෛද්‍ය සංගමයේ සහයට වෘත්තීය සමිති සියයක් වැඩවර්ජන සූදානමක




සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට ආණ්ඩුව විසදුම් ලබා නොදෙන්නේ නම් තමන් ආරම්භ කරන වෘත්තීය ක‍්‍රියාමාර්ගයට සහය දැක්වීම සදහා පෞද්ගලික හා රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ එළඹෙන සදුදා රැස්වන සිය සංගමයේ විධායක සභාව මගින් ඒ පිළිබද අවසන් තීරණයක් ගන්නා බවයි. 

මේ අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එ
හි දැක්වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙම ගැටළුව විසදීමට ඉදිරිපත්කර ඇති කරුණු පහකින් සමන්විත වැඩපිළිවෙල තමන්ගේ ද ස්ථාවරය වන බවයි. 

එය ක‍්‍රියාත්මක නොවන්නේ නම් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග වෙත එළැඹීමට කිසිසේත් පසුබට නොවන බව එම ලිපියේ සදහන්. 

මේ හේතුවෙන් කාර්මික සාමය බිද වැටීම හෝ ආර්ථික හා සමාජීය වශයෙන් මතුවිය හැකි ගැටළුවල වගකීම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව භාර ගත යුතු බව ද වසන්ත සමරසිංහ වැඩිදුරටත් සදහන් කළා.