Friday, May 3, 2024

General line - 0115112241

ඇමති රිෂාඞ් මාවිල්ලූ රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි




විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරෙන් වූ වනාන්තර ප‍්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කිරීම මගින් එම ප‍්‍රදේශයේ මුස්ලීම් ජනතාවට මතුව ඇති ගැටළු පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.

මතුව ඇති තත්ත්වය පිළිබද ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

මේ අතර මෙම ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා මන්නාර මරිච්චිකට්ටු මුස්ලීම් දේවස්ථානය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් ද පැවැත්වුණා. 

තම ගොවි බම්,පාරම්පරික ඉඩම්,මුස්ලිම් දේවස්ථාන ඇතුලු ඉඩම් අක්කර ලක්ෂයක් පමණ මේ හේතුවෙන් අහිමිවී ගොස් ඇති බවයි විරෝධතාකරුවන් කියා සිටියේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අමාත්‍ය දයාසිරි ජයසේකර ද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. 

ඔහු එහිදී සඳහන් කළේ මෙම පනතෙන් එම ජනතාවට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි