Friday, May 3, 2024

General line - 0115112241

අවුරුදු සමයේ කූට වෙළදුන් අල්ලන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසක්




අලූත් අවුරුදු සමයේ ජනතාවට පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කරන වෙළදසැල් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති උපුල් රෝහන පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසකට ආසන්න පිරිසක් මෙම වැටලීම් සදහා එක්ව සිටින බවයි. 

උත්සව සමයේ ඇතැම් වෙළදුන් සිදු කරන කූඨ උපක‍්‍රම පිළිබද මෙහි දී වැඩි අවධානයක් යොමුකරන බව ද ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.