Monday, December 23, 2024

General line - 0115112241

ඇමති රිෂාඩ්ට එරෙහිව ජනපති සමග අත්වැල් බැඳගැනීමට පරිසරවේදීන් සූදානම්




විල්පත්තු ජතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර පහක් එක්කිරීමට නිකුත් කෙරුණු ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි සිදු කෙරෙන ප්‍රකාශවලට විරෝධය පලකරන බව පරිසර සංරක්ෂණ භාරය පවසනවා.

එහි අධ්‍යක්ෂ පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ එම ගැසට් නිවේදනයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාව තහවුරුවන බවයි. 

මෙම ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක් සිදු කරන බලපෑමට බලධාරීන් බිය නොවිය යුතු බව ද පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් පෙන්වා දුන්නා. 

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම මෙම ගැටලුව ජාතිවාදි ප්‍රශ්ණයක් දක්වා දුරදිග ගෙනයෑමට කටයුතු කරමින් සිටින බවත් එම නිසා ජානාධිපතිවරයාට විශාල පීඩනයක් එල්ල කිරීමටද ඔවුන් කටයුතු කරමින් ඇති බවද ඔහු සඳහන් කළා.

සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් පැවසුවේ ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය කිසිසේත් වෙනස් නොකල යුතු බවයි.