Saturday, September 21, 2024

General line - 0115112241

අයි.එස් ගැන අමෙරිකානු අනතුරු ඇගවීම පිළිබඳව ආරක්ෂක ලේකම් කිසිවක් දන්නේ නැතිලු




අයි එස් අයි එස් ත්‍රස්ත්‍රවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස අමෙරිකානු ආරක්ෂක අංශ අනතුරු ඇගවීමක් කළ බවට පළවල මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා වබ ආරක්ෂ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.

අයි එස් අයි එස් ත්‍රස්තයින්  විදේශීය ඉලක්කවලට පහර දීම සදහා වෙනත් රටවල සිට සැළසුම් කරන බැවින් සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි අමෙරිකානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ඒ පිළිබද නෙත් නිවුස් කළ විමසීමක දී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එවැනි දැනුම්දීමක් සිදු කර ඇති බවට තමන් වෙත මෙතෙක් වාර්තාවී නොමැති බවයි.