Saturday, September 21, 2024

General line - 0115112241

දඹුලූ සිතුවම් සංරක්ෂණයට ඉතාලි මහාචාර්යවරයෙක් දිවයිනට




පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දඹුලූ ලෙන් සිතුවම් සංරක්ෂණය සදහා ඉතාලියේ සිතුවම් සංරක්ෂණ කටයුතු පිළිබද විශේෂඥයෙකු වන මහාචාර්ය වර්නර් ස්මිත් මෙම මස 03 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. 

දඹුළු ලෙන් සිතුවම් විනාශ මුඛයට යාම පිළිබද අවධානය යොමුකරමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එම සිතුවම් සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිඛෙනවා. මහාචාර්ය වර්නර් ස්මිත් දිවයිනට පැමිණෙන්නේ ඊට සහය දැක්වීම සදහායි. 

මේ වනවිට දඹුළු චිත්‍ර දුර්වර්ණ වීමට ලක්වී ඇති අතර නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් එම චිත්‍ර සංරක්ෂණය කිරීමටයි මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු යොදා ඇත්තේ. 

අප්‍රේල් මස තුන්වැනිදා සිට නව වනදා දක්වා කාලය තුළ දේශීය බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පීන් සදහා මහාචාර්ය වර්නර් ස්මිත් විසින් විශේෂ පුහුණු වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.