Thursday, May 16, 2024

General line - 0115112241

‘ගැටුම පිටුපස ජාතිවාදය නැහැ – අන්තවාදීන් ඕන තැනක ඉන්නවා’




යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉකුත් දා ඇති වූ ගැටුම පිටුපස ජාතිවාදී ස්වරූපයක් නොමැති බව විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි ගැටුම් ඕනෑම විශ්වවිද්‍යාලයක් තුළ සිදුවන බවයි. එමෙන්ම සෑම ජන කොටසක් අතරම අන්තවාදී පිරිස් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා ඇති වූ ගැටුමකින් පසු එම විශ්වවිද්‍යාලයේ සියලූ පීඨ ඊයේ (17) පස්වරුවේ සිට දින නියමයකින් තොරව වසා දැමුණා.

ගැටුම ඇති වී තිබුණේ නවක සිසුන් පිළිගැනීම සඳහා සංවිධාන කර තිබූ උත්සවයක් අතරවාරයේදීයි. විශ්වවිද්‍යාලය යළි විවෘත කරන දිනය පිළිබඳ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරන බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ.