අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබෙන පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින තමන්ට පුද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණ අද අවසර ලබා දුන්නා.
ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අවසරය ලබා දුන්නේ හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් ගොනුකර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ඉකුත් පාලන සමයේ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කොට ඇතැයි චෝදනා කරමින් ගොණු කර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා නම් කර සිටිනවා.