Saturday, September 21, 2024

General line - 0115112241

ජාතික රෝහල ඉදිරිපිට වෙළද සංකීර්ණය ඉවත් කිරීම තවකාලිකව නවතියි.




කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පිහිටි ස්වයං රැකියා වෙළද සංකීර්ණය ඉවත් කිරීම තාවකාලිකව නතර කර තිඛෙනවා. 

ඒ, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ මැදිහත්වීමෙන්. 

අමාත්‍යවරයා, නාගරික කොමසාරිස්වරයා අමතා වෙළද සංකීර්ණය ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස උපදෙස් දී තිඛෙනවා. 

මෙම වෙළද සංකීර්ණය ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබූ අතර වෙළදුන් ඊට විරෝධය දක්වමින් ඉන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළා. 

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර සදහන් කළේ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සදහා අදාළ වෙළදසැල් පවත්වාගෙන යන ගොඩනැගිල්ල ඉවත් කිරීමට සිදුව ඇති බවයි.