Saturday, September 21, 2024

General line - 0115112241

ලබන සැප්තැම්බර් වනවිට ආණ්ඩුව පෙරළා දමනවා




ලබන සැප්තැම්බර් මාසය වනවිට ආණ්ඩුව පෙරළා දැමිය හැකි බවට වූ බලාපොරොත්තුවක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සදහන් කළේ යහපාලන ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් සැප්තැම්බර් මාසය වනවිට වැදගත් තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි. 

එකිනෙකා විවේචනය කර නොගෙන මෙම කාල සීමාවේ ඉවසීමෙන් කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ. 

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.