Saturday, September 21, 2024

General line - 0115112241

විවියන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි




ප‍්‍රවීණ ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය අද (02) පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වුණා.

ඒ වනවිට ඇගේ වයස අවුරුදු 86 ක්. 

බෞද්ධ ගීත වැඩි ගණනක් ගායනා කළ ගායිකාවක වන විවියන් ද සිල්වා මහත්මිය ග‍්‍රැමෆෝන් ගී වැඩි ගණනකට ද තම හඬ මුසු කර තිබෙනවා.

දුර පෙනෙන තැනිතලා, නවතින්න තිස්ස, සැරදේ, ආලෝකය මේ යැයි වැනි ගීත ඇය ගායනා කළ බෞද්ධ ගීත අතරින් කිහිපයක්.

ඊට අමතරව නිදි යහනේ, පිපිලා ජලාසේ, ආනන්ද ජීවනේ වැනි ගීත ද විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය විසින් ගායනා කරනු ලැබ තිබෙනවා.

විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මියගේ අවසන් කටයුතු සිදු කෙරෙන දිනය පසුව දැනුම් දෙන බව ඥාතීන් සඳහන් කළා.