Saturday, September 21, 2024

General line - 0115112241

මහාධිකරණ විනිසුරුවරයෙක් ඉවත් කරන්න සාකච්ඡා




මහාධිකරණ විනිසුරු රාමනාදන් කණ්නන් එම ධුරයෙන් ඉවත් කිරීමට යෝජනා පහක් අධිකරණ සේවා සංගමය විසින් ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.

ඒ, ඊයේ (01) පස්වරුවේ පැවති එම සංගමයේ විශේෂ මහ සභා රැස්වීමේදීයි. 

මෙම රැස්වීම පැවැත්වුණේ රාමනාදන් කණ්නන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සේවය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සාකච්ඡා කිරීමටයි.

එම පත් කිරීම සිදු කිරීමේ දී වැරදි ක‍්‍රමවේදයක් අනුගමනය කර ඇති බවත් නීතිඥ සංගමයේ නිල නාමයන් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව සඳහා ව්‍යාජ ලෙස යොදා ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණා. 

අධිකරණ සේවා කොමිසන් සභාව මගින් ද මහාධිකරණ විනිසුරු රාමනාදන් කණ්නන්ගේ පත්වීම නීතිය හමුවේ වලංගු සහ බලසහිත නිර්දේශයක් නොවන බවට තීරණය කර තිබෙනවා.

එම නිසා ඔහුට තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි අධිකරණ සේවා සංගමය ප‍්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ පත්වීම අවලංගු කරන ලෙස බල කරමින් සහ ඊට අදාළව සම්මත කරගත් සෙසු යෝජනා පහක් ජනාධිපතිවරයාට සහ අධිකරණ සේවා කොමිසම වෙත ඉදිරියේ දී ලබාදීමට නියමිතයි.