Saturday, September 21, 2024

General line - 0115112241

අත්ලාන්තික් සයුරේ අතුරුදන් වූ දැවැන්ත නෞකාව සොයා තවදුරටත් මෙහෙයුම්




අත්ලාන්තික් සාගරයේ දකුණු දිග ප‍්‍රදේශයේදී අතුරුදන් වූ දකුණු කොරියාවට අයත් දැවැන්ත වෙළෙඳ නෞකාව සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. 

එ් සඳහා බ‍්‍රසීලයේ සහ උරුගුවේ යන රටවල්වලින් සහාය ඉල්ලා ඇති බවයි දකුණු කොරියාව පවසන්නේ. 

නෞකාව අතුරුදන් වන විට එහි විසිහතර දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සේවය කළා. 

ඉන් දහසය දෙනෙකු පිලිපීන ජාතිකයින් වන අතර සෙසු අට දෙනා දකුණු කොරියානු ජාතිකයින්. 

නෞකාව අතුරුදන් වන විට එහි ටොන් දෙලක්ෂ හැට දහසක භාණ්ඩ තිබූ බවයි විදෙස් මාධ්‍යයන් හි දැක්වෙන්නේ.