Saturday, September 21, 2024

General line - 0115112241

කුරුවිට මැණික් පතලක් කඩා වැටේ - දෙදෙනෙකු පස් යට සැගවේ




කුරුවිට නැගෙනහිර මුදුන්කටුව ප‍්‍රදේශයේ මැණික් පතලක අද (02) අනතුරක් සිදු වුණා. 

පතල කැනීම් කටයුතු සිදුකරමින් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මැණික් පතලේ පස්කන්දක් කඩා වැටීමෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. 

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඔවුන්ගේ මෘත ශරීර තෙප්පනාව රෝහලේ තැන්පත්කර ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.