Saturday, September 21, 2024

General line - 0115112241

ඌව වෙල්ලස්ස නිදහස් අරගලය පසුබිම් කරගෙන වේදිකා ප‍්‍රසංගයක් ජනපතිගේ ප‍්‍රධානත්වයෙන්




1818 ඌව වෙල්ලස්ස පළමු නිදහස් අරගලය පසුබිම් කරගෙන නිර්මාණය කරන ලද උත්තමාභිවන්දනා රංග පෙළහර වේදිකා ප‍්‍රසංගය හෙට පැවැත්වෙනවා. 

එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.  

ඌව වෙල්ලස් අරගලය ඇතුළු නිදහස් සටන්වලට දායකත්වයලබාදීම හේතුවෙන් එවක අධිරාජ්‍යවාදීන් විසින් දේශ ද්‍රෝහීන් ලෙස නම් කළ විරුවන් දේශ පේ‍්‍රමීන් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ කටයුතු මේ වන විට කි‍්‍රයාත්මක වනවා. 

එම ජාතික වැඩසටහනට සමගාමීව මෙම වේදිකා ප‍්‍රසංගය පැවැත්වෙන බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.