Saturday, September 21, 2024

General line - 0115112241

උතුරු මුහුදේදී හෙරොයින් කිලෝ දහතුනහමාරක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්




උතුරු මුහුදේදී රුපියල් කෝටි 13කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් දහතුනහමාරක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

මෙම හෙරොයින් තොගය සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදාව විසින්.

මුහුදු මගින් දිගින් දිගටම මෙලෙස මත්ද්‍රව්‍ය පැමිණෙන බවත්, එ්වා වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කන්කසන්තුරය නාවික බලකායට අනුයුක්ත වේග ප‍්‍රහාරක මුර යාත‍්‍රාවක් වන රණ වික‍්‍රම යාත‍්‍රාව සිදු කළ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනුනා. 

එ් ඉන්දීය මුහුදු සීමාවේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා ශී‍්‍ර ලංකාවට අයත් මුහුදු සීමාවට පැමිණෙමින් තිබියදීයි.