Saturday, September 21, 2024

General line - 0115112241

කළුතරදී තරුණයෙකුට අමානුෂික ලෙස පහරදුන් පොලිසියේ දෙදෙනාට වැඩ වරදියි (PHOTO)




කළුතර දොඩංගොඩ ප‍්‍රදේශයේදී ජනතාව පවා බලා සිටියදී යතුරු පැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. 

ඉන් එක් නිලධාරියෙකු දොඩංගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙක්. 

අනෙක් නිලධාරියා එම පොලීසියටම අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු බවයි පැවසෙන්නේ. 

ඔවුන් ඉකුත්දා දොඩංගොඩ ප‍්‍රදේශයේ යතුරුපැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදී තිබුණා. 

එ් රියදුරු බලපත‍්‍රයක් නොමැතිව අණ නොතකා ධාවනය කළ බව පවසමින්. 

මෙම පහරදීමට අදාළ වීඩියෝ පටයක්ද පසුව අන්තර්ජාලයට මුදාහැර තිබුණා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක් වූ සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ තමන්ට පහර නොදෙන ලෙසට පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියදීත් දිගින් දිගටම පහර දෙන මෙම නිලධාරීන් කවුදැයි වහා හෙළි කළ යුතු බවයි.