Saturday, September 21, 2024

General line - 0115112241

පක්ෂය භාර ගත්තේ පවුලට ඔටුනු පැළඳවීමට නොවේ - ජනපතිගෙන් ප‍්‍රකාශයක් (PHOTOS)




තමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගත්තේ පවුලේ කිසිවෙකුට ඔටුනු පැළඳවීමට නොව රට ජයග‍්‍රහණය කරවීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ අද පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික සමුළුව අමතමින්. 

එහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් පළ කළා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීම නුදුරේදීම සිදු කළ හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

විසඳුමට ජවය යන මැයෙන් අද පැවති මෙම සමුළුවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ විශාල පිරිසක් එක්ව සිටියා.