Saturday, September 21, 2024

General line - 0115112241

පාකිස්තානයේ සිද්ධස්ථානයක් අසලදී විසිදෙනෙකු ඝාතනය කෙරේ (PHOTOS)




පාකිස්තානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ පිහිටි සුෆී නම් සිද්ධස්ථානය අසල පුද්ගලයින් විසි දෙනෙකු ඝාතනය කර තිබෙනවා. 

පොලීසිය පැවසුවේ සිද්ධස්ථානයේ භාරකරු විසින් මෙම ඝාතන සිදු කරන්නට ඇති බවයි. 

සැකකරු එක් එක් පුද්ගලයා සිය කාමරයට කැඳවා ඔවුන්ට තියුණු ආයුධවලින් පහරදී ඇති බවටයි පැවසෙන්නේ. 

ඔහු මානසික ආබාධයකින් පෙළෙනේනෙකු බවටද පොලීසිය සැක පළ කර තිබෙනවා.