Saturday, September 21, 2024

General line - 0115112241

අහංගම නගරයේ වෙළෙඳසැල් 3ක හටගත් ගින්න ගැන පරීක්ෂණ




ගාල්ල අහංගම නගරයේ අද පස්වරුවේ වෙළෙඳසැල් 3ක හටගත් ගින්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලයේ පළමුව ගින්න හටගෙන තිබුණා. 

පසුව තවත් වෙළෙඳසැල් දෙකකට ගින්න පැතිර ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

ගින්නෙන් එක් වෙළෙඳසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එය පාවහන් අලෙවි කරන වෙළෙඳසැලක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන වෙළෙඳසැලකටද ගින්නෙන් හානි සිදුව තිබෙනවා.