Saturday, September 21, 2024

General line - 0115112241

වංචා දූෂණ දේශපාලනඥයින්ට එරෙහිව ජනපති යළි අවිඅමෝරයි




වංචා දූෂණ සහ හොරකම් සිදු කරන දේශපාලනඥයින්ට එරෙහිව පක්ෂ භේදයකින් තොරව තමන් කි‍්‍රයාමාර්ග ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ අද පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික සමුළුව අමතමින්.

පක්ෂය ගොඩනගමින් අනාගතයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම තම අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

තමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගත්තේ පවුලේ කිසිවෙකුට ඔටුනු පැළඳවීමට නොව රට ජයග‍්‍රහණය කරවීමට බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.