Thursday, May 16, 2024

General line - 0115112241

ලසන්ත ඝාතන සැකකරු පැහැර ගැනීමකටත් සම්බන්ධයි




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු යුද හමුදා බුද්ධි අංශ නිලධරියා, පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට ද සම්බන්ධ අයෙකු බව අනාවරණ වී තිබෙනවා.

ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනයෙන් පසු ඒ මහතාගේ රියදුරු පැහැරගෙන ගොස් යුද හමුදා ආරක්ෂක නිවෙස්නයක රඳවා තබාගෙන ඇත්තේ මෙම බුද්ධි අංශ නිලධාරියා විසින් බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඉකුත් සෙනසුරාදා (16) අත්අඩංගුවට ගැනුණු සැකකාර යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා මූලික ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවක් ද පැවැත්වීමට නියමිතයි.