Saturday, September 21, 2024

General line - 0115112241

උතුරේ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට ඇමැති රාජිතගෙන් පොරොන්දුවක්




යුද සමයේ අතුරුදන්වූවන්ගේ ගැටලූ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ වගකිව යුතු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත අතුරුදන්වූවන්ගේ ඥාතීන් හමු වූ අවස්ථාවේදීයි. 

එහිදී අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ සම්බන්ධවද අමාත්‍යවරයා මෙහිදී කරුණු විමසනු ලැබුවා. 

උපවාසයේ නිරත අතුරුදන්වූවන්ගේ ඥාතීන් එහිදී පැවසුවේ යුද්ධය නිමා වී වසර අටක කාලයක් ගත වී ඇතත් අතුරුදන්වූවන් පිළිබඳව නිසි තොරතුරක් මෙතෙක් නොලැබීම නිසා තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි. 

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේද එක්ව සිටියා. 

රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙහිදී වවුනියාව රෝහල් සංකීර්ණයේ ඉදි කළ නව ලේ බැංකුව විවෘත කිරීම උත්සව අවස්ථාවටද එක් වුණා. 

උත්සවයෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. 

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් නැගූ ප‍්‍රශ්නයට අමාත්‍යවරයා ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.