Saturday, September 21, 2024

General line - 0115112241

වෛද්‍යවරු වර්ජනයකට සූදානම් - තීරණය අද පස්වරුවේ




සයිටම් ගැටලූව විසඳීම සඳහා බලධාරීන් නිසි පියවර නොගැනීම හේතුවෙන් ඉදිරියේදී ගන්නා පියවර තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද (03) පැවත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එ් අනුව වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳ එහිදී තීරණයක් ගැනීමට නියමිතයි. 

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් ගන්නා තීරණ පස්වරුව වන විට රට හමුවේ තබන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ.

වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කළහොත් එ් සඳහා සෙසු පාර්ශ්වයන්ගේද සහාය ලබා ගන්නා බවයි ඔහු කියා සිටියේ.

වෛද්‍යවරුන් වැඩවර්ජනයක් ආරම්භ කළහොත් ඊට සහාය දක්වනේදැයි නෙත් නිවුස් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගෙන් විමසීමක් කළා. 

සයිටම් ආයතනය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති තත්වය පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් අද දහවල් විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වෙනවා.