Saturday, September 21, 2024

General line - 0115112241

ප‍්‍රධාන නගරවලට අද සිට විශේෂ ආරක්ෂාවක්




දිවයිනේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව අද සිට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය තීරණය කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි පැවසුවේ එළැඹෙන අලූත් අවුරුද්ද වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි.

අවුරුදු සමයේ ජනතාව එ්කරාශීවන ස්ථානවල සිදුවන විවිධ අපරාධ මැඩලීමේ අරමුණීන් මෙම පියවර අනුගමනය කරන බවයි ඔහු කියා සිටියේ.

අවුරුදු සමය අවසන් වන තුරු මෙම විශේෂ ආරක්ෂක විධි විධාන කි‍්‍රයාත්මක කෙරෙනු ඇති.