Saturday, September 21, 2024

General line - 0115112241

ලොව උසම නත්තල් ගසේ ගිනස් වාර්තාව ගන්න බලධාරීන්ට අමතක වෙයි




කොළඹ ගාලූමුවදොර පිටියේ ඉදිකළ නත්තල් ගස ලොව උසම නත්තල් ගස ලෙසට වූ ගිනස් වාර්තා සහතිකය තවමත් ශී‍්‍ර ලංකාවට හිමි වී නැහැ.  

විවිධ මතභේද ඔස්සේ ඉදිකෙරුණු මෙම නත්තල් ගස සඳහා වූ ගිනස් වාර්තාව ලබා ගැනීම මෙතෙක් ප‍්‍රමාද වූයේ මන්දැයි නෙත් නිවුස් බලධාරීන්ගෙන් විමසීමක් කළා. 

මේ ඊට ප‍්‍රතිචාර දැක්වූ වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම.

" මට එකේ තොරතුරු දන්න කෙනාගේ නම්බර් එක ගන්න බෑ.  කන්ෆොර්ම් වෙන්නේ මෙහොන් නෙමෙයි නේ. මූලස්ථානයෙන් ඕන එක කන්ෆොම් වෙන්න.  යවන්න ඕන ලියකියවිලි අපි ඔක්කොම යැව්වා.  එහෙන් වෙන්නේ මොකක්ද කියල බලන්න මට බැරි වුණා.  වරායේ පහුගිය කාලේ ගිනි කෙළිනේ තිබුණේ. "

ඉකුත් සමයේ ඉදි කළ මෙම නත්තල් ගසේ උස අඩි 238ක්. 

නත්තල් ගස පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ගිනස් වාර්තා කමිටුවේ කිසිදු සාමාජිකයෙකුට දිවයිනට නොපැමිණි අතර වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය එහි තොරතුරු ලබා දී තිබුණේ අන්තර් ජාලය හරහායි. 

කොළඹ ගාලූමුවදොර පිටියේ ඉදි වූ කෘති‍්‍රම නත්තල් ගස අඩි 238ක් වුවද තවමත් ගිනස් වාර්තා නිල වෙබ් අඩවියේ ලොව උසව නත්තල් ගස ලෙස දැක්වෙන්නේ 2009 වසරේ බ‍්‍රසීලයේ ඉදි කළ නත්තල් ගසයි.