Saturday, September 21, 2024

General line - 0115112241

අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි අපවත්වෙයි




ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමිපාණන් අද (03) අලූයම අපවත්වුණා. 

අපවත්වනවිට උන්වහන්සේ 101 වන වියේ පසුවුණා.

බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙණදී 1915 දෙසැම්බර් මස 31 වනදා උපත ලද උන්වහන්සේ 1928 මාර්තු මස 8 වනදා පැවිදි දිවියට පිවිසියේ පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි නමින්.

උගත් වියත් තෙරනමක් ලෙස ඇටැම්පිටිය විද්‍යාඥාණ පිරිවෙන, හුණුපිටිය ගංඟාරාම පිරිවෙණ සහ මාළඹේ රාහුල විද්‍යාලයේ ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරට සිප් සතරා හදාරාදුන් උන්වහන්සේ උඩරට අමරපුර සාමාග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික ධුරයේ කළක් කටයුතු කළා.

දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසගේ ගෞරව සම්මානයට පාත්‍ර වෙමින් උන්වහන්සේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත්වූයේ 2002 වසරේදියි.