Monday, December 23, 2024

General line - 0115112241

කන්දකැටියේ පුද්ගල ඝාතනයක්




කන්දකැටිය - කරමැටිය ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනයකර තිබෙනවා. 

ඝාතනය සිදුව ඇත්තේ ඇගලූම් කම්හලක් ඉදිකරන ස්ථානයකදීයි. 

බරපතල තුවාල ලැබූ ඔහු කන්දකැටිය රෝහලට ඉදිරිපත් කිරීමෙන් පසු මිය ගිය බවයි පොලිසිය පැවසුවේ. 

ඝාතනයට ලක්ව ඇත්තේ ඇගලූම් කම්හලේ ඉදිකිරීම් පාලකයෙකු වශයෙන් කටයුතු කරන තිස් හත් වැවිරිදි පුද්ගලයෙක්. 

වැඩබිමේ සේවකයෙකු විසින් පිහි ඇණුම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා. 

ඝාතනය සම්බන්ධයෙන් එම සේවයකයා සහ ඔහුගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.  

දෙදෙනා අතර බහින් බස්වීමක් ඝාතනයට හේතුවී ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.