Saturday, September 21, 2024

General line - 0115112241

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග විදේශිකයෙකු පොලිස් දැලේ




නීති විරෝධී දුම් වැටි තොගයක් ළඟ තබා ගෙන සිටි විදේශිකයෙකු වැලිගම මිරිස්ස ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් සන්තකයේ තිබී දුම්වැටි පැකට් 18ක් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ හතලිස් හය හැවිරිදි යුක්රේන ජාතිකයෙක්.

ඔහු අද මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.