Saturday, September 21, 2024

General line - 0115112241

විමල්ට අදත් ඇප නැති වෙයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (03) නැවතත් ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා. 

සිය දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඇප ලබා දෙන ලෙසටයි මන්ත‍්‍රීවරයා මෝසමක් මගින් ඉල්ලා සිටියේ. 

කෙසේ වෙතත් දියණිය කුමන රෝගී තත්ත්වයකින් පෙලෙන්නේද යන්න වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඇප අයදුම ප‍්‍රතික්ෂේප  කළ බව නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවා.