ගම්පහ පොලිස්බල ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී බීමත් රියදුරන් සහ වරෙන්තුකරුවන් විසි අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඊයේ රාත්රීයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගැණුනු බවයි.
අලූත් අවුරුදු සමය වෙනුවෙන් ගම්පහ ප්රදේශයේ රාත්රී මුර සංචාර ද ක්රියාත්මක බව පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.