Saturday, September 21, 2024

General line - 0115112241

ව්‍යාජ ලෙස යතුරු පැදි එකලස් කළ අයෙකු අත්අඩංගුවට




ව්‍යාජ ලෙස යතුරු පැදි එකලස් කළ බව කියන පුද්ගලයෙකු කටුනායක පොලිස් වසමේ ආඬි අම්බලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. 

සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස එකලස් කරන ලද යතුරු පැදි 03ක්ද සොයා ගැණුනු බවයි පොලිසිය පැවසුවේ. 

මිගමුව, කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැණුනා. 

විසි පස් හැවිරිදි මොහු ආඬි අම්බලම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. 

සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.