Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දු - ලංකා ධීවර ගැටලූව ගැන තවත් සාකච්ඡාවක් කොළඹදී




ඉන්දු - ලංකා ධීවර ගැටලූව ගැන තවත් සාකච්ඡාවක් කොළඹදී

ඉන්දු ලංකා ධීවර ගැටලූවට විසඳුම් සෙවීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල තෙවන වටය ලබන 07 වනදා කොළඹ දී පැවැත්වෙනවා. 

ඊට ඉන්දීය රජයේ පාර්ශවය නියෝජනය කරමින් එරට ධීවර අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු පිරිසක් සහභාගි වනු ඇති. 

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ පළාත් ධීවර අමාත්‍යවරු කිහිප දෙනෙකු ද ඊට සහභාගී වීමට නියමිතයි. 

මෙම සාකච්ඡාවට පෙර උතුරේ ධිවර ප‍්‍රජාව සමග අමාත්‍ය මහින්ද අමරවීර විශේෂ සාකච්ඡාවක් හෙට පවත්වනු ඇති.