Saturday, September 21, 2024

General line - 0115112241

පොලිස් කොස්තාපල්වරයෙකුට හාලිඇලදී ප‍්‍රහාරයක්




පොලිස් නිළධාරියෙකුට පහර දුන් පුද්ගලයන් තිදෙනෙකු හාලි ඇළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් මෙලෙස පහර දී තිබුණේ හාලි ඇළ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුටයි. 

රාජකාරිය නිමවා සිය නිවස බලා යමින් සිටියදී ඔහු මෙලෙස පහර කෑමට ලක්ව තිබෙනවා. 

පහර දී ඇත්තේ බස් කොන්දොස්තරවරයෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක්. 

ඔවුන් හපුතලේ ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 21, 23 සහ 26 යන වයස් සීමාවල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ. 

ඔවුන් අත බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.