Saturday, September 21, 2024

General line - 0115112241

අකුණු සැර වැදීමෙන් ගලෙන් බිඳුණු වැව ප‍්‍රදේශයේ පුද්ගලයෙකු මරුට




ගලෙන්බිඳුණුවැව, යාය - 05 ප‍්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙක්ු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

තිස් දෙහැවිරිදි ගැබිණි කාන්තාවක් ද අකුණු සැර වැදීමෙන් තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙක්. තුවාල ලැබූ ගැබිණි කාන්තාව පළමුව ගලේනබිඳුණුවැව රෝහලට ඇතුළත් කෙරුණා. 

පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳුහන් කළේ.