Saturday, September 21, 2024

General line - 0115112241

පදියතලාවේ වාහන අමතර කොටස් අළෙවි සැළක ගින්නක්




පදියතලාව නගරයෙ පිහිටි වාහන අමතර කොටස් අලෙවි කරන වෙළඳ සැළක අද (04) උදැසන ගින්නක් හට ගත්තා. 

ඉන් වෙළඳසැළට දැඩි අලාභ හානි සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිර යාම මැඩ පවත්වා තිබෙනවා. 

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැකකෙරෙන්නේ. 

ගින්නෙන් වෙළඳ සැළට සිදුවූ අලාභහානිය මෙතෙක් තහවුරු කරගෙන නැහැ.