Saturday, September 21, 2024

General line - 0115112241

කොටි සාමාජිකයාගේ පාපොච්චාරණය පිළිගනී




පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුවේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බලගණයේ හිටපු ප‍්‍රබල සාමාජිකයෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලබාදී ඇති පාපොච්චාරණ නීත්‍යානුකුල බව අධිකරණය පිළිගන්නා බව අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් අද (04) ප්‍රකාශ කළා.

මෙම නඩුවේ තවත් විත්තිකරුවකු කළ පාපොච්චාරණය  අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු හා ගම්පහ පළාත් බද වත්මන් මහාධිකරණ විනිසුරු  ඛේමා ස්වර්ණාධිපති  නිත්‍යානුකූල බවට මීට පෙර ප්‍රකාශ කළා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලබා සිටින කොටි මිසයිල බලඝනයේ හිටපු ප‍්‍රබලයින් දෙදෙනා මේ මස  25 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කෙරුණා.

2000 වසරේදී තලාව වීරවැව ප්‍රදේශයට කඩාවැටුණු මෙම යානයේ සිටි රුසියානු ගුවන් නියමුවකු ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 32 දෙදෙනෙක් මරණයට පත් වුණා. 

විනිසුරුවරයා මෙලෙස පිලිගනු ලැබුවේ කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු ප‍්‍රබල සාමාජිකයෙකු වන ඉරාෂතුරෙයි ජෙගන් හෙවත් පුලවන් නැමැති මෙම  නඩුවේ දෙවැනි විත්තිකරු ත‍්‍රස්ත විමර්ශණ කොටිඨාශයට ලබාදි තිබු පාපොච්චාරණයයි. 

මෙම නඩුවේ අනෙක් විත්තිකරු ලෙස අධිචෝදනා ලබා සිටින්නේ  කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු ප‍්‍රබලයෙකු වන නල්ලාමි ශිව ලිංගමි යන අයයි.