Saturday, September 21, 2024

General line - 0115112241

බදුලු ගිය දුම්රිය පීළි පනී




කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක් ඉහළ වටවල හා රොසැල්ල දුම්රිය සථාන දෙක අතර එකසිය දෙක සැතපුම් කණුව අසළදී පීළි පැන තිබෙනවා.

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

ඒ අනුව බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන විශේෂ දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වනු ඇති.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියන් වටවල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

පීලිපැන ඇති  දුම්රියේ ගමන් ගත් මගීන්ට බස් රථ මගින් ප‍්‍රවාහන පහසුකම් ලබා දීමට ද පියවර ගැණුනා. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.