Saturday, September 21, 2024

General line - 0115112241

"උප්පරවැට්ටි නැතුව එන්න"




දේශපාලන උප්පරවැට්ටි පසෙක තබා ප්‍රජාතන්ත්‍රවාදි ලෙස මැයි රැළිය පවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකදි මේ බව කියා සිටියා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ "ප්‍රසන්න රණතුංග කියලා තියෙනවා.. මැයි පළමු වැනිදාට ඇවිල්ලා අරලිය ගහ මන්දිරයයි..ජනාධිපති කාර්යාලයයි වටලනවා කියලා.. මේ කර ගන්න හදන්නේ ආරක්ෂක අංශ ලවා ගාලුමුවදොර පිට්ටනිය ලබාදීම ප්‍රතික්ෂේප කරවා ගැනීමයි. ඊට පස්සෙ කියනවා අන්න බය වෙලා අපිට ගාලුමුවදොර පිට්ටනිය දුන්නේ නැහැ කියලා." යනුවෙනි.