Tuesday, April 30, 2024

General line - 0115112241

නාවික හමුදා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 174ක් නිදහස් වෙයි




මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 174 දෙනෙකු මෙම වර්ෂය තුළ පමණක් නිදහස් කර ඇතැයි ශ‍්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. 

එම පිරිසට අයත් 38 දෙනෙකු නිදහස් කෙරුණේ ඊයේ දිනයේදීයි. 

ඒ කන්කසන්තුරේට උතුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදීයි. 

ඔවුන් භාර දීම සඳහා නාවික හමුදාවේ රණවික‍්‍රම නෞකාව ද එක් වුණා. 

ඉන්දීය ධීවරයින් පිරිස භාර ගැනීම සඳහා පැමිණ සිටියේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් අයුශ් නම් වූ නෞකාවයි.
 
මෙලෙස නිදහස් වූ පිරිස අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් ඉකුත් විසි වැනිදා අත්අඩංගුවට පත් වුණා.