මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් මාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ එස් පියසේන මහතා අභාවප්‍රාප්ත වෙයි.
මිය යන විට 94 වන වියේ පසුවූ ඔහු සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු බවත්, අද අලුයම (12) හෙතෙම අවසන් හුස්ම හෙළූ බවත් වාර්තා වේ.
දේහය දැනට හෝමාගම රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.