Tuesday, April 30, 2024

General line - 0115112241

H1N1 නිසා කටාර් සංචාරකයින්ට ශ‍්‍රී ලංකාව තහනම් වෙයි




මේ වන විට ව්‍යාප්ත වෙමින් ඇති H1N1 වෛරසය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි කටාර් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සිය සංචාරකයින්ට අනතුරු අගවා තිබෙනවා. 

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව දන්වා ඇතැයි සඳහන්. 

එහි දැක්වෙන්නේ සංචාරකයින් අතර වඩාත් ජනප‍්‍රිය මහනුවර ඇතුළු මධ්‍යම පළාතේ සංචාරය කිරීම මේ වනවිට සුදුසු නොවන බවයි. 

H1N1 වෛරසය මේ වනවිට පැතිර යන බවට ශ‍්‍රී ලංකා බළධාරීන් ද තහවුරුකර ඇතැයි කටාර් විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. 

බොහෝ පිරිසක් වෛරසට ගොදුරුවී ඇති බවත් මරණ කිහිපයක් වාර්තා වන බවත් එහි සඳහන්. 

එබැවින් සෞඛ්‍ය තත්ත්වය යහපත් වන තුරු ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසයි කටාර් විදේශ කටයුතු අමාත්‍යංශය  සිය සංචාරකයින්ට දැනුම්දී ඇත්තේ. 

මේ අතර මාතලේ දිස්ත‍්‍රික්කයේ පැතිර යන H1N1 වෛරසය හේතුවෙන් වෛරසය ආසාදනය වන රෝගීන් සඳහා වෙනම වාට්ටුවක් පවත්වාගෙන යාමට මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහල කටයුතු කර තිබෙනවා. 

රෝහලට ඇතුළත් වූ රෝගීන් පස් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහලේ වෛද්‍ය අධිකාරී අනුර වික‍්‍රම සඳහන් කළේ.  

තවත් සැළකිය යුතු රෝගීන් පිරිසක් මේ වනවිට රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.