Saturday, September 21, 2024

General line - 0115112241

විදුලි සේවකයින් බලාගාරවලින් ඉවතට - පැය 24 දී විදුලි බිඳ වැටීමේ අවදානමක්




අද මධ්‍යම රාත‍්‍රීයේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය හේතුවෙන් විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බව විදුලි බල වෘත්තීය සමිති පවසනවා.

අද මධ්‍යම රාත‍්‍රී 12 සිට හෙට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා මෙම වැඩවර්ජනය සිදු කිරීමටයි දැනට තීරණය කර ඇත්තේ. 

මේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල්.

මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාලගෙන් විමසීමක් කළා.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැ`දවුම්කරු රංජන් ජයලාල් ප‍්‍රකාශ කළේ තම ඉල්ලීම් ඉටු කළ හැකි ඉල්ලීම් බවයි.

වැටුප් වැඩි කළහොත් එහි බර දැරීමට සිදුවන්නේ ජනතාවටම බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙම සංකේත වැඩවර්ජනය සඳහා වෘත්තීය සමිති තිස් දෙකක සාමාජිකයින් එක්වීමට නියමිතයි.