Saturday, September 21, 2024

General line - 0115112241

"කවීෂ පුතා" 03 බහු දින යාත‍්‍රාව ඉන්දීය අත්අඩංගුවට




ජාත්‍යන්තර මුහුදේ මසුන් මරා යළි මෙරටට යාත‍්‍රා කරමින් තිබූ ‘‘කවීෂ පුතා 3’’ බහු දින යාත‍්‍රාව ධීවරයින් 07 දෙනෙකු ද සමග ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අදාළ නෞකාව ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි සිටි ධීවරයින් විසින් අල්ලා ගන්නා ලද මාළු කිලෝග‍්‍රෑම් පන්දහසකට වැඩි ප‍්‍රමාණයක් ද ඉන්දීය වෙරළාරක්ෂකයින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.